කරාපිටිය රෝහලේ ඇති වු සිද්ධිය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
එම සංගමය පෙන්වා දෙන්නේ, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විසින් පසුගිය 16වන දා සිදුකිරීමට නියමිතව තිබූ පිළිකා ශල්‍යකර්ම සඳහා එදින පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබු බවය.
ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අදාළ අංශ දැනුවත් කර තිබු බව එම නිවේදනයේ සඳහන්ය.
ඊට පසුදින (17) වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා රෝහල් අධ්යක්ෂවරයාගේ නිල කාමරයට යමින් සිටින විට, ඔහුට එරෙහිව සෞඛ්‍ය සේවකයින් විසින් තර්ජනයක් එල්ල කර තිබූ බවත් අදාළ නිවේදනයේ දැක්වේ.
මේ පිළිබදව අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ අංශවලින් ඉල්ලීමක් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.