රට යළි ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ හැර වෙනත් විකල්පයක් නොමැති බැවින් සියලු පක්ෂ බේද පසෙකලා එම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට දායක විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
පෙබරවාරි මාසයෙන් පසු ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව මෙන්ම මිත්‍ර රටවල් සමඟ රට ඉදිරියට ගෙන යාමට අවස්ථාව උදා වී තිබෙන බවත් එය කඩා කප්පල් කිරීමට ඇතැම් පාර්ශ්ව දරන ප්රයත්න හඳුනා ගනිමින් ඒවා පරාජය කිරීමේ වගකීම ජනතාව සතු බවත් අබෙිවර්ධන මහතා අවධාරණය කළේය.
වජිර අබේවර්ධන මහතා මේ බව කීවෙි ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (16) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැති බව කී අබෙිවර්ධන මහතා ඒ අනුව රටේ බෙදීම් නිර්මාණය කර තිබෙන බව අබෙිවර්ධන මහතා පැවසීය.