එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක් සඳහා ගොස් සිටි සිය පුත්‍රයා සැක කටයුතු ලෙස මියගොස් ඇති බවට ඥාතීන් චෝදනා කරයි.
එම තරුණයා බද්දේගම ගෝනාපීනුවල ප්‍රදේශයේ පදිංචිව සිට මෙලෙස විදේශගතවූ අයෙකි.
මේ පිළිබඳ කඩිනම් අවධානය යොමුකරන ලෙස ඔහුගේ මව්පියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ඉල්ලා සිටී.
බද්දේගම ගෝනාපීනූවල ඇලපලවත්ත ප්‍රදේශයේ පදිංචි කවිඳු සත්සර මීට වසර එකහමාරකට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් අබුඩාබි නුවර රැකියාවක් සඳහා ගොස් තිබුණි.
ඒ එරට ආපනශාලාවක සූපවේදියෙකු ලෙසය.
එදා සිට කවිඳු පවුලේ ඥාතීන් ඇතුළු හිතමිතුරන් සමග දිනපතා කතාබහ කළත් පසුගිය 06 වනදා සිට සිය පුතු පිළිබඳව කිසිඳු තොරතුරක් නොමැති බවට මව්පියන් පවසයි.
මෙවන් පසුබිමක කවිඳුගේ රැකියා ස්ථානයෙන් කළ විමසීමකදී එහි නියෝජීතයින් මව්පියන්ට දන්වා ඇත්තේ මේ වනවිටත් කවිඳු මියගොස් ඇති බවය.
මව්පියන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ, රැකියා ආයතනය පවසන පරිදි සිය පුතු මිය යෑමට හේතුව සොයාදෙන ලෙසත් එලෙස මියගොස් ඇත්නම් මෘත දේහය මෙරටට ගෙන්වා ගැනීමට මැදිහත්වන ලෙසට ය.