රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්ත දක්වා ගමන් කරවීමට ගත් තීරණය වෙනස් කිරීමට ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තීරණය කර ඇත.
මේ අනුව එම දුම්රිය පෙර පරිදි අද (16) සිට ධාවනය කෙරෙන්නේ මාතර සිට මරදාන දක්වා පමණි.
සංචාරක රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ මහත්මිය මෙම දුම්රිය මාතර සිට ධාවනය කරන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කළාය.
රුහුණු කුමාරි දුම්රිය බෙලිඅත්තෙන් ගමන් ආරම්භ කිරීමට මාතර ජනතාව පසුගිය දිනවල දැඩි ලෙස විරෝධය පළ කරමින් එම දුම්රියේ ගමන් කිරීමද වර්ජනය කළහ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය පැවසුවේ රුහුණු කුමාරි දුම්රිය අද සිට මාතරින් ධාවනය කරන බව අමාත්‍යවරයා දැනුම් දුන් බවයි.