රත්තොට ගම්මඩුව ප්රදේශයේ දී විදුලි සැර වැදී පාසල් සිසුවෙකු මියගොස් තිබේ.
පොලීසිය ප්රකාශ කළේ, එම ප්රදේශයේ පාසලක තැඹිලි ගසලකට නැඟ තැඹිලි කැඩීමට උත්සහ කළ පාසල් සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවය.
අදාළ සිසුවා තැඹිලි කැඩීමට යාමේදී තවත් සිසුවෙකු විසින් ඔහුට ලබාදුන් උණ ගසක් අධි බලැති විදුලි රැහැනක ගැටී මෙලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ 16 හැවිරිදි ගම්මඩුව කළුගල්තැන්න ප්රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු බව සඳහන්ය.