කුලි රථ සේවා සපයන ආයතනයක සේවය කරන මුවාවෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකායේ බුද්ධි කොට්ඨාසය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.
යුක්තිය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකාලයේ බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව එහි නිලධාරින් කණ්ඩායමක් ඊයේ පස්වරුවේ එඩේරමුල්ල පොලිස් වසමේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ප්‍රමාණය ග්‍රෑම් 25ක් සොයාගෙන තිබේ.
අනතුරුව සැකකරුගෙන් සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී කිරුළපන සහ පන්නිපිටිය ප්‍රදේශ තුළ සඟවා තිබු තවත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 332යි මිලිග්‍රෑම් 800ක ප්‍රමාණයක්, හෙරොයින් ග්‍රෑම් 50යි මිලිග්‍රෑම් 300ක ප්‍රමාණයක් සහ මිලිමීටර් 9X9 වර්ගයේ උණ්ඩ 97ක්ද සැකකරු සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන තිබේ.
ඔහු ඩුබායි රාජ්‍යයේ රැඳී සිටිමින් මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ මනුෂ්‍ය ඝාතන සිදුකිරිම් මෙහෙයවන කළුදුර දිනේෂ් ශ්‍යාමන්ත ද සිල්වා නොහොත් “බබී” නැමැත්තා සමඟ සම්බන්ධවෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සිදුකරන බව හඳුනාගෙන ඇත.