ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එන දුරකථන ඇමතුම් ලැයිස්තුව ගෙන බැලුවහොත් වැඩිම ඇමතුම් ලැබෙන්නේ සජබෙන් බව පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්රික් මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේදී බනින අය ඔහුට දුරකථන ඇමතුම් දී හුරතල් වන බවද අලුත්ගමගේ මහතා කීය.
“ජනාධිපති ලේකම් කාර්යාලයට යන විට ඇත්තටම අපට ඉඩ නෑ. සජබෙ අයගෙන් ජනාධිපති තුමාගේ කාර්යාලය පිරිලා.හෙට අනිද්දා වන විට සජබෙ කී දෙනෙක් ජනාධිපතිතුමා සමග හිටගනීවිදැයි විපක්ෂ නායකතුමාට බලාගන්න පුළුවන් යනුවෙන් ද අලුත්ගමගේ මහතා කීය.