රට බංකොලොත්වී ඇති අවස්ථාවක හූති සටන්කාමීන් මෙල්ල කිරීමට රුපියල් කෝටි 25 කට වැඩි මුදලක් වැයකර නාවික යාත්‍රා යැවීම සාධාරණදැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊ (9) ප්‍රශ්න කළේය.
විපක්ෂනායකවරයා මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී ප්‍රකාශයක් කරමිනි.
මෙමගින් ශ්‍රී ලංකාවට ලැබෙන වාසිය කුමක්දැයි ප්‍රශ්න කළ විපක්ෂනායකවරයා මේ කටයුත්ත වෙනුවෙන් ණය දෙන රටවල් බිලියන 25ක් හෝ කපා දැමීමට එකඟවී ඇත්නම් මෙවැනි දේවල් කළාට කමක් නැතැයිද ප්‍රකාශ කළේය.
ආර්ථික අර්බුදය හමුවේ ජනතාව විශාල කැපවීමක් කරන මොහොතක නැවක් යැවීමට මෙපමණ මුදලක් යැවීම අපරාධයක් බවත් මේ රටේ පරිගණක නැති පාසල් දරුවන් විශාල පිරිසක් සිටින බවත් ඔහු කීවේය.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා
අපි ලෝකයේ ත්රස්තවාදයට විරුද්ධයි. අපිට ගෝලීය වගකීම ඉෂ්ට කරන්න වෙනවා. ඉන්දියාව හඳට රොකට් එකක් ඇරියේ මිලියන 800 ක් දුප්පතුන් ඉන්න වෙලාවක. නමුත් ඒ රටේ මිනිස්සු ඒ ගැන කතා කරන්නේ නැහැ. සමුද්රි ආරක්ෂාව ගැන අපි වගකියන්න ඕන. දැනටමත් අපි ගැඹුරු මුහුදේ ආරක්ෂක කටයුතු කරනවා.