නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (8) පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.
එම උත්සහය බලාපොරොත්තුවලට සාපේක්ෂව ආසාර්ථක වූවද එම උත්සහය අත්හැර නොමැති බව වගකීමෙන් ප්‍රකාශ කරන බව ද අලහප්පෙරුම මහතා කීය.
මැතිවරණයක් ළං වන විට හයිජම්ප්වලට, ලෝන්ජම්ප් එකට පුහුණු වී ජයග්‍රහකයා වෙන්න ගොඩක් උත්සහ ඇති බව කී ඒ මහතා නිදහස ජනතා සභාවේ ජනාධිපති අපේක්ෂකයා ද සජිත් ප්‍රේමදාස මහතා යැයි නිදහසස ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා කළ ප්‍රකාශය පෞද්ගලික මතයක් මිස පොදු මතයක් නොවන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.