පසුගිය වසරේ ගතවූ කාලසීමාව තුළ තහනම් කරන ලද පොලිතීන් සහ ප්ලාස්ටික් නිෂ්පාදනය කරන ලද ආයතන 7,000කට අධික සංඛ්‍යාවක් පරීක්ෂාවට ලක්කර ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
එහි අපද්‍රව්‍ය කලමනාකරණ අංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් අජිත් වීරසුන්දර මහතා පැවසුවේ, නීති කඩ කළ ආයතන 180 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇති බවය.