පාසල් සිසුවියන් තිදෙනෙකු ලිංගික අපයෝජනයට ලක් කළ විද්‍යා ගුරුවරයෙක් ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධියට මුහුණ දුන් පාසල් සිසුවියන් තිදෙනා වෛද්‍ය පරීක්ෂණ සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යොමු කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රිකයේ පාසලක් තුළ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු මෙම සිද්ධියට මුහුණදී තිබේ.
පාසලේ විද්‍යාගාරය තුළදී එම සිසුවියන් තිදෙනාව ලිංගික අපයෝජනයට ලක් කළ බවට සැකපිට එම පාසලේ 29 හැවිරිදි විද්‍යා ගුරුවරයාව ඉකුත් 20 වනදා අත්අඩංගුවට ගත්තේය.
සැකකරුව ඊයේ (21) වලපනේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
එලෙස රක්ෂිත බන්ධනාගරගත කර ඇත්තේ මහනුවර කිතුල්පේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි විවාහක ගුරුවරයෙකි.
ඔහුගේ බිරිඳ ද ගුරුවරියක ලෙස සේවය කරන බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.