මල්වානේ යබරලුව පුදේශයේ තිබෙන කඩවර දේවාලයකට ශාන්තිකර්මයක් සිදු කර ගැනීම සදහා ගිය ස්නායු ආබාධයකින් පෙළෙන හතලිස් හය හැවිරිදි විදුලි කාරිමික දෙදරු පියෙකුගේ දකුණු යටි පතුල දරුණු අන්දමින් පිළිස්සු බව කියන එම දේවාලයේ කපුවා හා ඔහුගේ පුතා අත් අඩංගුවට ගෙන ඇතැයි බියගම පොලිසිය පවසයි.
මෙහිදී මැටි පහනකට කපුරු දමා දල්වා යටි පතුලට ඇල්ලීමෙන් දරුණු ලෙස පිළිස්සුණු තුවාලකරු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට මේ වනවිට නේවාසිකව පුතිකාර ලබන අතර ඔහුට කතා කිරීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බවද පොලිසිය සදහන් කරයි.
මෙම තුවාලකරුගේ බිරිඳගේ හා ඔහුගේ සොහොයුරියගේ ප්රකාශ මත එම දේවාලයේ කපුවා හා පුතා මෙසේ අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
ඉකුත් 18 වැනිදා පස්වරුවේ ස්නායු ආබාධයකින් පෙළෙන මේ දෙදරු පියා එම දේවාලයට රැගෙනවිත් කපුවා ලවා ශාන්තිකර්මයක් සිදු කර ගෙන නුලක් බැඳ ආපසු නිවෙසට එක් කර ගෙන ගොස් තිබෙන අතර නිවසේදී පස්වරු 6 .30 ට පමණ ඔහු” හු ” කීමට පටන් ගෙන තිබෙන නිසා නැවත දේවාලයට රැගෙන ගොස් තිබෙන බවට නිවැසියන් පැවසු බවද පොලිසිය කීය.