මෙම වසර අවසන් වන විට රට තුළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන හතර ඉක්මවනු ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.
අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එය මේ වසරේ බලපොරොත්තු වූ අගයට වඩා වැඩි අගයක් බවයි.
කැපී පෙනෙන ලෙස විදේශ විනිමය රජයට ගලා ඒමත් සමඟ දළ සංචිත ශක්තිමත් වී තිබේ.
මේ වසරේ දෙසැම්බර් මාසය තුළ දී අමෙරිකානු ඩොලර් මිලියන 787ක විදේශ විනිමයක් රජයට ලැබී ඇති බව මුදල් අමාත්‍යාංශය පෙන්වා දී ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් අමෙරිකානු ඩොලර් මිලියන 337ක දෙවන වාරිකය ද ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ද ලෝක බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 250ක් ද දෙසැම්බර් මාසය තුළ දී රජයට ලැබී තිබේ.
මෙමඟින් අයවැය ශක්තිමත් කිරීම සහ රටේ බාහිර සංචිත වැඩි දියුණු කිරීම රජයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ අතර, මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා පුළුල් උපාය මාර්ගික ක්‍රියාවලියක් මත කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
වර්තමාන අභියෝගයන්ට සියලු දෙනා එක් ව ශක්තිමත්ව මුහුණ දුනහොත් ඉදිරි වසර කිහිපය තුළ මෙරට ආර්ථික සමෘද්ධිය සුරක්ෂිත කරගැනීමටත් ආර්ථික අභියෝග ජය ගැනීමටත් අනිවාර්යයෙන් හැකියාව ලැබෙනු ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.
දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ 19 වන මහා සභා රැස්වීම අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කර ඇත.
මෙරට වෙළෙඳ ශේෂයේ ඇති අභියෝග මෙන්ම ඉහළ තරගකාරී ආර්ථිකයක් පෝෂණය කිරීමේ වැදගත්කම අවබෝධ කරගත යුතු අතර, ඒ සඳහා ඉන්දියාව, චීනය, සිංගප්පුරුව සහ තායිලන්තය වැනි රටවල් සමඟ වෙළෙඳ ගිවිසුම්වලට පැමිණෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.