ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රජයෙන් ඉල්ලීමක් කිරීමට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආබාධිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය තීරණය කර ඇත.
යෝජිත මෙම නව පනත් කෙටුම්පත පිළිබඳව ජනාධිපතිවරයා සහ අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
ආබාධිත තැනැත්තන් වෙනුවෙන් ජනාධිපතිවරයාගේ හෝ අගමැතිවරයාගේ නායකත්වයෙන් යුතු ස්වාධීන කොමිෂන් සභාවක් පිහිටුවීම වැදගත් බව ආබාධිත සහිත තැනැත්තන් සඳහා වන ඒකාබද්ධ පෙරමුණ නියෝජනය කරමින් පැමිණි පිරිස එම සංසදයට පෙන්වා දුන්හ.
මේ අතර ආබාධිත තැනැත්තන් වෙනුවෙන් සාමාන්‍ය රියදුරු බලපත්‍රය ලබාදීමට මේ මාසයේ සිට අවසර ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කළේය .