මුහුද ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමේ අරමුණෙන් බේරුවල ධීවර වරාය හා ඒ අවට නිවාස සංකීර්ණ පරීක්ෂා කිරීම අද අලුයම් කාලයේදී සිදුකෙරුණි.
බේරුවල, පයාගල, අලුත්ගම, වැලිපැන්න යන පොලිස් ස්ථානවල පොලිස් නිලධාරීන් හා කටුකුරුන්ද පුහුණු කඳවුරේ විශේෂ කාර්ය බළකා නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් මෙහෙයුම සඳහා එක්ව සිටියහ.
අප වාර්තාකරු පැවසුවේ, මෙහිදී බේරුවලින් ධීවර කටයුතු සඳහා පිටත්වන සහ නැවත පැමිණෙන යාත්‍රා විශාල ප්‍රමාණයක් පොලීසිය සහ විශේෂ කාර්ය බළකාය මඟින් දැඩි පරීක්ෂාවට ලක්කළ බවය.