ජන අරගල පුරවැසියේ සභාපති චානක බණ්ඩාර ඇතුළු පිරිසක් අද (18) නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ කාර්යාලය වෙත පැමිණ සාගර කාරියවසම් මහතාට විරෝධය පළ කර සිටියේය.
ඒ පසුගිය දා සාගර කාරියවරම් මහතා විසින් පොහොට්ටු සම්මේලනයේ දී කළ ප්රකාශයකටය.
කෙසේවෙතත් ආරක්ෂ අංශ විසින් එම පිරිසට කාර්යාලයට ළඟවීමට අවස්ථාව ලබානොදීම හේතුවෙන් මාර්ගය ඉදිරිපිට විරෝධය පළ කළේය.
එහිදී පුන්නක්කු බාල්දියක් ද විරෝධතාකරුවන් විසින් රැගෙන විත් තිබූ අතර, එය මාර්ගයේ තබා ඔවුන් සිය විරෝධය පළ කළහ.