අනුරාධපුර නගරයේ පවත්වා ගෙන යන උපකාරක පංති දරුවකුගෙන් පන්ති ගාස්තුවට අමතරව විදුලි බිල්පත් ගාස්තු ලෙස රුපියල් 100ක එම උපකාරක පන්ති ගුරුවරුන් අයකර ගන්නා බවට මාපියන් චෝදනා කරති.
මේවන විට අනුරාධපුර නගරයේ පමණක් පවත්වා ගෙන යන උපකාරක පන්ති සංඛ්‍යාව සීයකටද අධිකය.
මෙම උපකාරක පන්ති පැවැත්වෙන ගොඩනැගිලි සදහා භාවිතා කරන විදුලිය සදහා මාසික විදුලි ගාස්තුව සදහා මෙසේ රුපියල් 100 බැගින් අමතර මුදලක් අයකරන බව මාපියෝ පවසති.