පවතින ධාරාණිපාත වර්ෂාව සමග හල්දුම්මුල්ල නිකපොත තලාහේන ප්රදේශයේ ඊයේ 16 සවස තවත් නායාමක් සක්රිය වීම හේතුවෙන් ඒ ආශ්රිතව පදිංචිව සිටි පවුල් තුනක් ආරක්ෂිතව ඉවත් කිරීමට පියවර ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි.
මේ වන විට නිවාස තුනක් නායට ගොදුරු වෙමින් පවතින බවද පොලීසිය කියයි.
අක්කර තුන හතරක පමණ ප්රදේශයක් නායට ගොදුරුව ඇතැයිද ගස් විශාල ප්රමාණයක් පහළට ඇලවෙමින් පවතින බවත්ම ප්රදේශවාසීහු පවසති.
කොස්ලන්ද කැලිපනාවල නාය යාම සිදුවූයේ හරියටම මීට සතියකට පෙර ඉකුත් සෙනසුරාදා සවස ය.
කැලිපානාවෙල නාය යාම සිදුවූ ස්ථානය හා මෙම තලාහේන නායාම සිදුවූ ස්ථානය අතර සෘජු දුර කිලෝමීටර් හතරක් පමණ වේ.
මෙසේ නාය යමින් පවතින තලාහේන ස්ථානය පරීක්ෂා කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් පැමිණීමට නියමිත බවත් එහිදී ලැබෙන නිර්දේශයන් අනුව ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවත් හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කේ.ඒ ජේ. ප්රියංගිකා මහත්මිය කීවාය.