බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න මැතිවරණයක් තිබ්බ දවසට දැනගන්න පුළුවන් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා පැවසීය.
පොහොට්ටු රැළියේදී බැසිල් රාජපක්ෂ ජනතාවට තර්ජනයක් කළා. ගලකින් ගැහුවාම බල්ලා දුවනවලු සිංහයා එයට අභියෝග කරනවලු. ඒ කළේ ජනතාවට තර්ජනයක්. ලංකාවේ ජනතාව ජාති ආගම් භේදයෙන් තොරව කාගේවත් තර්ජන ගර්ජනවලට යටත්වන ජාතියක් නොවෙයි. ඒ නිසා මැතිවරණයක් තිබ්බ දවසට බල්ලා කවුද සිංහයා කවුදැයි බලාගන්න පුළුවන්.
2001 අවුරුද්දේ මම ඉන්දියාවේ ජෝතීර්වේදියෙක් ළගට ගියා මහින්ද රාජපක්ෂ මහතා ගේ කේන්දරය බලන්න.
ඕන නම් මහින්ද රාජපක්ෂ මහතා ගේ අහන්න පුළුවන්. ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක් ඇවිත් පරම්පරාවෙම කීර්තිය නැති කරනවා කියලා. ඒ කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ගැන නෙවෙයි. බැසිල් රාජපක්ෂ ගැනයි.