බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (15) පැවසීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීී ඊයේ (15) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා එසේ පැවසීය.
සූට් මහගෙන ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණු අවස්ථවේදී සූට් ඇදීමට ඉදිරිපත් නොවූ බවත් ණය ගෙවීමට ඉතිරිව තිබීම නිසා දැම්ම ගත්තම තනතුරේ ගොඩක් කල්ඉන්න බැරිවේ යැයි සමහරු වගකීම භාර නොගත් බවත් ඒ මහතා කීය.
එවැනි නායකයන්ට බලය දීමට ජනතාව සූදානම් නොමැති බව කී මහින්ද රාජපක්ෂ මහතා රට නිවැරදි මාර්ගයටට ගෙන යෑමට ජනතාවට දේශපාලනයක් අවශ්‍ය වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට අවශ්‍ය ආකාරයේ අලුත් රටක් වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන බව ද සඳහන් කළේය.
සමහරු මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි දැයි ජනතාව දන්වා බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් කීය.