තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්්‍යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ හතක් පමණ සිරවී ඇතැයි තැපැල් වෘත්තිය සමිති ප්‍රකාශ කරයි.
මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 4 ක් පමණ සිරවී ඇතැයිද ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.
ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට පවරා ගැනීම, නව බඳවා ගැනීම් කඩිනම් කිරීම, වැටුප් වැඩිකිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කර ගනිමින් (10) පස්වරු 4.00සිට පැය 48 ක කාළයක් සඳහා තැපැල් වෘත්තීය සමිති විසින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් කාර්යාල කටයුතු ඇතුලු සියලුම සේවාවන් ඊයේ (11) දිනයේත් ඇණහිට තබූ අතර ඇතැම් තැපැල් ස්ථාන ඉබි යතුරු දමා වසා දමා තිබිණ.
වර්ජනයෙන් ලිපි හා පාර්සල් බොදාහැරිම, විදුලි පණිවිඩ බෙදාහැරීම, මුදල් ඇණවුම්, විශ්‍රාම වැටුප් සහ සුබ සාධන දීමනා ගෙවීම් ඇතුලු තැපැල් කාර්්‍යාලය අනුබද්ධ සියලුම සේවාවන් මුලුමනින්ම අණහිටීමෙන් මහජනතාව දැඩි අපහසුතාවයට පත්විය.
මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා වර්ජනයෙන් ඇනහිට තිබූ බවත් විසිහත්දහසකට ආසන්න තැපැල් සේවකයෝ මේ සඳහා සහයෝගය පළ කළ බවත් තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.