අලි ඝාතන කරන අයට මිනිස් ඝාතනයට සමාන දඬුවමක් දිය යුතු යැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
අලි සම්පත මෙන්ම සෙසු සත්ව සම්පත නිසියාකාරව කළමනාකරණය කරගත්තොත් රටට සංචාරක ආකර්ෂණය ලබා ගැනීමට හැකියාව තිබෙන අතර යාල ආදී වනෝද්‍යාන ලෝකයේ හොඳම වන උයන් බවට පත් කරන්නට හැකියාව පවතින බව කීය.
ලංකාවේ ගම් වදින වල් අලි සිටින්නේ පන්සියයක් පමණකියි ද ජලය සහ ආහාර සොයාගෙන මේ අලි ගම් වදින බවද ෆෝන්සේකා මහතා කීය.
අලින්ට ආහාර හා ජලය ලබාදීමට තෘණ භූමි හා ජල තටාක අදාල ප්‍රදේශවල නිර්මාණය කළ හැකි නම් වල් අලි ගම් වදින ප්‍රශ්නයෙන් සියයට අනූවක් පමණ විසඳා ගැනීමට හැකියාව තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
අදාළ පියවර ගත්තොත් අලින්ගෙන් කෘෂිකාර්මාන්තයට වන හානිය අඩුවී ඉතිරියක් ලබා ගැනීමට හැකියාව තිබෙන අතර අලි වැට වලට යන විශාල වියදමක් ඉතිරි කර ගත හැකිව තිබෙන්නේ යැයි ෆොන්සේකා මහතා සඳහන් කළේය.