වයස අවුරුදු 15ක දැරියකගේ සිරුරක් හමුවී තිබේ.
කොළොන්න පොලිස් වසමේ උල්ලිදුවාව ගගේ තිබී එම ප්රදේශයේම පදිංචි 15 හැවිරිදි දැරියකගේ සිරුරක් මෙලෙස හමුවී ඇත.
ඊයේ (08) සවස මෙම දැරිය අතුරුදන්වී තිබේ.
දැරිය දියේ ගිලී මියගියේ කෙසේදැයි තවමත් කරුණු අනාවරණය වී නොමැති බවය.
සිද්ධිය සම්බන්ධයෙන් කොලොන්න පොලීසිය විමර්ශන සිදුකරයි.