මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරාධනයෙන් මෙරට සංචාරයක නිරතව සිටින රුසියානු ආරක්ෂක කවුන්සිලේ ඉහළ පෙළේ නියෝජිතයන් සහ අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ සාකච්ඡාවක් එම අමාත්‍යංශයේදී පැවැත්විණි.
රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් ඕලෙග් ව්ලඩ්මිරෝවිච් මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාව සඳහා රුසියානු නියෝජිත පිරිස එක්වූ අතර අධිකරණ විජයදාස රාජපක්ෂ මහතා ද එම සාකච්ඡාවට සහභාගි විය.
ශ්‍රී ලංකාවේ ආරක්ෂක කටයුතු ශක්තිමත් කරගැනීම සඳහා රුසියාවේ සහයෝගය අඛණ්ඩව දීමටත්, ජාත්‍යන්තර තොරතුරු ආරක්ෂාව ඇතුළු කරුණු රැසක් පිළිබඳ මෙහිදී දෙපාර්ශවයේ නියෝජිතයෝ අදහස් හුවමාරු කරගත්හ.
රුසියාව නියෝජනය කරමින් රුසියානු ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම්වරු ඇතුළු ඉහළ පෙලේ නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාව සඳහා එක්වූ අතර වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නේකෝන් මහතා සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් ද සාකච්ඡාවට එක්ව සිටියහ.