ගම්පහ දිස්ත්‍රික්කයේ දරුවන් ඉපදීමේ විශාල වශයෙන් අඩුවක් පවතින බව සෞඛ්‍ය අංශ දත්තයන්ට අනුව පෙනී යන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
මෙලෙස දරු උපත් අඩුවීම සම්බන්ධයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගෙන් කළ විමසීමේදී සදහන් කර සිටියේ , දත්තයන්ට අනුව 2017 වර්ෂයේ සිට මෙම වසර දක්වා බැලීමේදී මෙම අඩුවීම පෙනෙන්නට ඇති බවය.
මෙම හත් වසරක දරු උපත් ලෙස බැලීමේදී ගම්පහ දිස්ත්‍රික්කයෙහි 2017 වර්ෂයේදී 29,560 දෙනෙකු , 2018 වසරේදී 29,224 දෙනෙකු , 2019 වසරේදී 28,553 දෙනෙකු , 2020 වසරේදී 27,497 දෙනෙකු , 2021 වසරේදී 24,999 දෙනෙකු , 2022 වසරේදී 23,512 දෙනෙකු සහ 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසය වනවිට 17,897 දෙනෙකු වශයෙන් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසීය.