ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම පිළිබඳ ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකඟතාව මත අදාල කෙටුම්පත පිළියෙල කරනු ලැබ ඇති අතර ඒ සඳහා නීතිපති අවසරය ලැබී තිබේ.
එම ගිවිසුමට අත්සන් තැබීමටත් ඉන් අනතුරුව එම ගිවිසුම දෙරටේ රාජ තාන්ත්‍රික දූත මණ්ඩල විසින් අනුමත කිරීමටත් කැබිනට් අනුමැතිය ලබා දුන්නේ ය.