බුද්ධ ශාසන අමාත්‍යාංශයේ 207 වැය ශීර්ෂය වැඩි ඡන්ද 39කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පස්වරුවේ සම්මත විය.
වැය ශීර්ෂයට පක්ෂව ඡන්ද 44 ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද පහක් පමණි.
දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
එම වැය ශීර්ෂයට ඡන්ද විමසීමක් අවශ්‍ය බව පැවසුවේ දෙමළ ජාතික මහජන සන්ධානයේ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මන්ත්‍රීවරයාය.
බුද්ධ ශාසන සහ සංස්කෘතික, සංචාරක සහ ඉඩම් අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ දවස පුරා විවාදයට ගැනිණ. සෙසු වැය ශීර්ෂ ඊයේ පස්වරුවේ ඡන්ද විමසීමකින් තොරව සම්මතවිය.