දුෂිත ගනුදෙනු ගැන කියා ෆයිල් පෙන්නා බලයට පැමිණි විට දඩුවම් දෙන බව ඇතැම් දේශපාලන පක්ෂ නායකයින් රැස්වීම්වල ප්‍රකාශ කළත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට රට බංකොලොත් කළ රාජපක්ෂ පවුල් පැලැන්තිය අධිකරණයට ගෙනවිත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බව – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයට හොරු සමඟ ඩීල් නොමැති බැවින් හොරු ඇල්ලීම විපක්ෂයේ සිටම ආරම්භ කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ෆයිල් පෙන්වා සිදුකරන බොරු සංදර්ශනවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් මිනුවන්ගොඩ ජනපවුර නියෝජිත සම්මේලනය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීවේය.
මෙම අවස්ථාව සදහා සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිදායක තිස්ස අත්තනායක, ආචාර්ය හර්ෂද සිල්වා, හර්ෂණ රාජකරුණා, මුජිබර් රහුමාන්, විජිත් විජයමුනි සොයිසා යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.