කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු සියලුම පීඨ ඊයේ (4) පස්වරු 2.00 සිට නැවත දැනුම්දෙන තුරු තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා පැවසීය.
ඒ අනුව සියලුම සිසුන් නේවාසිකාගාරවලින් අද (5) පෙරවරු 8.00 ට පෙර ඉවත්විය යුතු බබත් නැවත දැනුම්දෙනතුරු එම විශ්වවිද්‍යාලයේ දළුගම පරිශ්‍රය ඇතුළු විශ්වවිද්‍යාලයට අයත් පරිශ්‍රයන් වෙත සහ විශ්වවිද්‍යාලයට අයත් සියලුම අභ්‍යන්තර සහ බාහිර නේවාසිකාගාර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තහනම් කර ඇති බවත් උපකුලපතිවරයා පවසයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නිරතව සිටි නිලධාරියෙක්ට පරදීමේ සිද්ධියට විනයානුකූලව පියවර ගෙන විශ්වවිද්‍යාලය සාමාන්‍ය තත්වයට පත්කිරීමේ පියවර ලෙස මෙම තීරණය ගත් බව ද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.