වැල්ලව නගරයේ මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා අනුමැතියක් ලබා දුන් බව කියන සිද්ධියක් මුල් කර ගනිමින් ප්රදේශවාසින් පිරිසක් සමඟ ඇතිවූ ආරාවුලකින් පසුව පහර කෑමට ලක්වූ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමග පොලිස් නිලධාරියකු ප්රතිකාර සඳහා රෝහල් ගත කර ඇති බව වාර්තාවේ.
වැල්ලව නගරයේ පිහිටි විහාරස්ථාන භූමියකදී මෙම ගැටුම්කාරී තත්ත්වය ඇතිවී තිබේ.
වැල්ලව නගරයේ පවත්වාගෙන යන බියර් අලෙවි සැලට අමතරව තවත් මත්පැන් අලෙවි සැලක් ආරම්භ කිරීම සඳහා විරෝධතාවයක් නොමැති බවට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් අනුමැතිය ලබාදී ඇති බවට සැක කරමින් ඒ සම්බන්ධයෙන් විහාරස්ථානයේ දායකයන් ඇතුළු පිරිසක් විරෝධය පළ කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගෙන තිබෙන බව කියයි.