සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපවත්වා ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සිය පළමු ඉලක්කය යයි වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඊයේ මහනුවරදි පැවැසිය.
ආසියාව සහ ලෝකයේ බොහෝ රටවල් නිරීක්ෂණය කරන විට ජාතික ආරක්ෂාව ප්රමුඛත්වය තබා ගැනීම ඉතාමත්ම වැදගත් යැයි හදුනාගත හැකි බව ඒ මහතා තවදුරටත් පැවසීය.
නව ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ඊයේ (02) පෙරවරුවේ මහනුවරට පැමිණි වැඩබලන පොලිස්පතිවරයා මහනුවර ශ්රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ පුදා ගත් වැඩ බලන පොලස්පතිවරයා දියඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පිච්චමල් වට්ටියක් ලබාදී ඒ මහතා පිළිගන්නා ලදි.
තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුංමගල මල්වතු පාර්ශවයේ මහා නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර වරකාගොඩ ඤාණරතන අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ගෙන්ද ආශිර්වාද ලබා ගත්තේය.
මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.