මොරටුමුල්ල පොලිස් වසමේදී කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (02) පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරු පහළ ඉඳිබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
සැකකරු විසින් පසුගිය 29 වනදා මොරටුමුල්ල පොලිස් වසමේදී කාන්තාවකට පහරදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ඇත.
සැකකරුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී අපාරාධයට උපයෝගී කරගත් අලවංගුවක්, අපරාධය සිදුකරන අවස්ථාවේදී හැඳ සිටි ලේ තැවරුණු අත්කොට ටී ෂර්ටය හා කොට කලිසමද, ස්මාර්ට් ජංගම දුරකථනය ද පොලිස් භාරයට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.