වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ නඩු බඩු වශයෙන් තිබූ වියලි ගංජා කිලෝ හයක් සොරා ගෙන ළඟ තබාගෙන සිටි බව කියන එම අධිකරණය කාර්යාල කාර්ය සහායකයකු පානදුර මධ්‍යම වලාන දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන් ෙ ඊයේ (1) සවස කොස්ලන්ද ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
මෙම කාර්ය සහායකයා සමඟ සිටි ඔහුගේ මිතුරකු බව කියන පුද්ගලයෙක් ද වියළි ගංජා ග්‍රෑම් 550 ක් සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම වියළි ගංජා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේ කාර්යාල කාර්ය සහයකයා නඩු භාණ්ඩ කාමරයෙන් හොරාගත් ඒවා බවට තොරතුරු හෙළිවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පානදුර වලාන මධ්‍යම දුෂණ ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීමක් සිදුකර අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.