මීගලෑව මහවැලි ජාතික පාසලේ දැරියන් දෙදෙනෙක් මහමඟ තිබී අහුලාගත් රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා රන් ආභරණ සහ මුදල් සහිත පාර්සලයක් එහි අයිතිකාරිය අතට කළහ
මිගලෑව මහවැලි ජාතික පාසලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් දෙදෙනා රටටම ආදර්ශයක් ලබාදී ඇත.
මෙම සත්ක්රියාව සිදු කරනු ලැබුවේ මිගලෑව, තම්මිට ගම්මානයේ පදිංචි එන්. පී. තිසුරි යුවනිකා සහ ඒ. ඩබ්ලිව්. ජී. සඳුනි ඉමල්කා ජයසූරිය යන සිසුවියන් දෙදෙනාය.
මෙම සිසුවියන් දෙදෙනා ඉගෙනීමට දස්කම් දක්වන දැඩි ආර්ථික අපහසුතාවලින් පෙලෙන පවුල්වල අය බව මීගලෑව මහවැලි ජාතික පාසැලේ විදුහල්පතිනි ඩබ්ලිව්. බී .එම් ලිලානි මංගලිකා වීරසේකර මහත්මිය ලංකාදීපය කළ විමසුමකදී පැවසුවාය.
මෙම සිසුවියන් දෙදෙනා අපේ පාසලට කීර්තියක් ලබා දී තිබෙනවා. ඒ විතරක් නොවේ රටටම ආදර්ශයක් ලබාදී තිබෙනවා.මා ඇතුළු . විදුහලේ ආචාර්ය මණ්ඩලය , සියලුම සිසු සිසුවියන්ගේ ගෞරවය මේ සිසුවියන් දෙදෙනාට පිරි නමනවා යැයිද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.