අපරාධකරුවන්ගෙන් ගිනි අවි අඩු මුදලට ලබාගෙන වෙනත් අපරාධකරුවන්ට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයකු රුවන්වැල්ල මොරාවත්ත ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සමඟ විදේශීය රටක නිෂ්පාදිත ස්වංක්රීය පිස්තෝල අවියක්, එම පිස්තොල අවියට යොදන ලද 6.35 එම් එම් හිස් පතුරම් කොපු 01 ක්, රුසියාවේ සහ ඇමරිකාවේ නිෂ්පාදිත බෝර 12 වර්ගයේ පතුරම් තුවක්කු දෙකක්ද, පතුරම් තුවක්කු බැරල් 02 ක්ද, පොලිස් භාරයට ගෙන ඇත.
විශේෂ කාර්ය බළකාය පුගොඩ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කර ඇත.
තවද මෙම අත්අඩංගුවට ගත් ස්වංක්රීය පිස්තෝල අවිය රුපියල් 75000.00 ක මුදලකට අලවි කිරීමට සූදානම් කර තිබූ අතර බෝර 12 පතුරම් තුවක්කු ද ඔහු සන්තකයේ තිබූ අතර එම එක් අවියක් රුපියල් 60000.00 ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවටද කරුණු අණාවරණය වූ බව පොලිසිය කියයි.