දෙනියාය මූලික රෝහල අලුතින් හදන බවට ගත් තීරණයක් නිසා සාමාන්‍ය සංවර්ධන කටයුතු පවා නතර වී ඇතැයි පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
යහපාලන ආණ්ඩුව සමයේ දී දෙනියාය මූලික රෝහල ඇඳන් 500ක හෝ 1000ක අලුත් රෝහලක් ලෙස සංවර්ධනය කිරීමට තීරණයක් ගෙන තිබූ බව කී මන්ත්‍රීවරයා නමුත් එකල සිදුකෙරුණේ ඉඩම් අත්පත් කරගැනීම පමණක් බවද සඳහන් කළේය.
අදාල තීරණයෙන් පසු මූලික රෝහලක කෙරෙන සංවර්ධන කටයුතු පවා නතර වී ඇතැයි ද අලුත් රොහලක් හැදෙන තුරු තිබෙන රෝහලේ මූලික ප්‍රශ්න විසදීම සඳහා පළාත් සභාව සමග එක්ව හෝ මැදිහත් වන ලෙස සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගෙන් ඉල්ලා සිටින්නේ යැයි වීරසුමන වීරසිංහ මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අමතමින් වීරසුමන වීරසිංහ මහතා මේ බව පැවසීය.