කඳාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 75,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් පරීක්ෂකවරයෙකි සැකකාර නිලධාරියා අත්අඩංගුවට ගෙන ඇත්තේ කඳාන ප්රදේශයේදීය.
කඳාන ප්රදේශයේ පවත්වාගෙන යන හෝටලයක් කිසිදු බාධාවක් තොරව පවත්වාගෙන යාම සඳහා අවකාශ ලබා දීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලා එයින් රුපියල් 75,000 ක මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.