අවුරුදු අටක් වයසැති බාලවස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්දයෙන් යුධහමුදා කෝප්රල් වරයෙකු අද පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර , නල්ලූරුව ඉංජිනේරු සේවා බලකා කදවුරේ රාජකාරි කරන කෝප්රල් වරයෙකු බව පොලිසිය කීය.
සැකකරු නොවැම්බර් 15 සිට 21 දක්වා කාලය තුල නිවාඩු ලබා සිටින අයෙකු බවත් නිවාඩු මත සිටියදී දැරියට අතවර කර ඇති බවත් දැරියගේ මව විසින් කල පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කීය.
දැරිය කළුතර ශීක්ෂණ රෝහලට ඇතුලත් කිරීමට නියමිත බවද සදහන් වේ.
සැකකරු පානදුර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කැළුම් සිල්වා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අශෝකා මහත්මියගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.