ආණ්ඩුවට වෙට්ටු දමා බදු පැහැර හරින්නට නොහැකි අන්දමේ යෝජනා මෙවර අයවැයේ සඳහන් වීම ඉතාම වැදගත් බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (14) පැවසීය.
බැංකු ජංගම ගිණුමක් ආරම්භ කිරීමට, මෝටර් රථයක් ලියාපදිංචියට, ඉඩමක් හෝ හිමිකමක් ලියාපදිංචියට බදු අනිවාර්ය අංගයක් බවට පත් කර තිබෙන අතර මෙය ඉතා වැදගත් තීරණයක් බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
අයවැය දෙවැනි වර කියවීමේ පළමු දින විවාදයට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර මහතා මෙසේද කීය.
ආර්ථික දේශපාලනික සමාජ අභියෝග රැසක් මැද මෙවර අයවැය ඉදිරිපත් කරනවා. මෙරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අර්බුදයට අපි මුහුණ දුන්නා. බංකොළොත්භාවය පවා ප්‍රකාශයට පත් වුණා. නීතියේ ආධිපත්‍ය, රටේ ආරක්ෂක තත්ත්වය බිඳවැටිලා, තෙල් හා ගෑස් පෝලිම් තිබුණු යුගයකට අපි මුහුණ දුන්නා. මැති ඇමැතිවරුන්ගේ නිවාස ගිනි තැබීම, විපක්ෂ නායකවරයාට ගෝල්ෆේස් එකේදි පහර දීම යනාදී සිදුවීම් අමතක නොකළ යුතුයි.