පෙරපාසල් ගුරුවරියකගෙන් කප්පම් ඉල්ලූ සිද්ධියට අත්අඩංගුවට ගත් ග්රාම නිලධාරීවරයා එළඹෙන 16 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.
සැකකාර ග්රාම නිලධාරීවරයා අද හෝමාගම මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
තමන් පතාල නායකයෙකු බව පවසා මරණීය තර්ජන එල්ල කරමින් හෝමාගම සුවපුබුදුගම පදිංචිව සිටි පෙරපාසල් ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 20ක කප්පම් මුදලක් ඉල්ලූ සුවපුබුදුගම ග්රාම නිලධාරීවරයා මිරිහාන විශේෂ වංචා විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත්තේය.
සැකකරු එම මුදල ඉල්ලා එම ගුරුවරියට මාස දෙකක පමණ කාලයක් වරින් වර දුරකතන ඇමතුම් ලබාදී තිබුණි.
පසුව රුපියල් ලක්ෂයක මුදලක් අදාළ ගුරුවරිය සේවය කරන පෙරපාසල අසල දැන්වීම් පුවරුවක් ආසන්නයේ තබා යන්නැයි කළ දැනුම් දීමෙන් පසු මුදල ලබාගැනීමට සැකකරු පැමිණ තිබුණි.