බදු ප්‍රතිපත්තිය සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද (11) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය පවසයි.
එහි සභාපති වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ, ආණ්ඩුව මෙතෙක් ලබා දී ඇති කිසිදු පොරොන්දුවක් ඉටු කර නොමැති බවයි.
මේ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සංගමයේ උපසභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසන්නේ, මෙවර අයවැයෙන් අධ්‍යාපන කේෂ්ත්‍රයේ පවතින ගැටලු සඳහා විසඳුම් ලබා දීමට රජය පියවර නොගත හොත් විරෝධතා ක්‍රියාමාර්ග තීව්ර කරන බවය.
මේ අතර, ඖෂධ ප්‍රතිපත්තිය සහ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින ගැටලු විසඳා ගැනීම සඳහා ජනාධිපතිවරයා ගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන් ගේ සංගමය පවසයි.
එහි භාණ්ඩාගාරික මංජුල ජයවර්ධන මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ද සාකච්ඡා කළ බවයි.