නීතිවිරෝධීව පවත්වාගෙන ගිය මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරයක් වටලා මත්පැන් බෝතල් 6,000කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දොම්පේ කළුකොඳයාව ප්‍රදේශයේ ගබඩාවක් තුළ එම මහා පරිමාණ අරක්කු නිෂ්පාදනාගාරය පවත්වා ගෙන ගොස් තිබුණි.
දොම්පේ පොලීසිය විසින් එම වැටලීම සිදුකර ඇත.
එහි තිබී හමුවූ නීතිවිරෝධී මත්පැන් බෝතල්වල ව්‍යාජ ආරක්ෂිත ස්ටීකර්ද අලවා තිබුණි