යුක්රේනයේ සහ ඊශ්රායලයේ නායකයන් අතර හමුවක් පැවැත්වීමට දෙරටේ බලධාරීන් උත්සාහයක නිරත වී සිටින බව ආරංචි මාර්ග උපුටා දක්වමින් හාරෙට්ස් ඊශ්රායල පුවත්පත වාර්තා කර ඇත.
මෙම හමුව සඳහා ඇමෙරිකා එක්සත් ජනදපදයේ අනුග්රහය හිමිවන බවත් මෙම හමුවේ අරමුණ ඉරානයේ සහ රුසියාවේ ඕනෑ එපාකම් වෙනුවෙන් පෙනී සිටින හිතවාදීන් එරෙහිව එක්සත් පෙරමුණක් ගොඩ නැගීම බවත් ආරංචි මාර්ග පෙන්වා දී තිබේ.යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඊශ්රායල අග්රාමාත්ය බෙන්ජමින් නෙදන්යාහු අතර දෙරටේ බලධාරීන් පැවැත්වීමට බලාපොරොත්තු වෙන මෙම හමුව බොහෝ දුරට මෙම සතියේදී තහවුරු වීමට ඉඩ ඇතැයි දෙරටේ ආරංචි මාර්ග පවසා ඇත.
මෙම හමුව සිදුවුවහොත් රුසියානු – යුක්රේන යුද්ධය ආරම්භ කිරීමෙන් පසුව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි ඊශ්රායලයේ සංචාරය කරන ප්රථම අවස්ථා මෙය වනු ඇතැයි හාරෙට්ස් පුවත්පත වාර්තා කර තිබේ.