හක්මන දෙනගම ප්‍රදේශයේ දී ඊයේ (03) සවස සිදුකළ විශේෂ වැටලීමකදී නීති විරෝධී මත්ද්‍රව්‍ය වන හෙරොයින් මිලිග්‍රෑම් ප්‍රමාණයක් 7140 ක් අඩංගු පැකට් 34 ක්සමඟ දෙයියන්දර පොලිසියේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු සැකකරුවන් 9ක් අත්අඩංගුවට ගත් බව හක්මන පොලිසිය පවසයි.
හක්මන පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් අනුව හක්මන දෙනගම බටහිර ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමක දී පොලිස් කොස්තාපල්වරයාගේ දෙනගම බටහිර ප්‍රදේශයේ නිවසේ තිබී විකිනීමට සූදානම් කරතිබූ හෙරොයින් මිලිග්රැම් 3150 සහ අනෙකුත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලිග්රැම් 3990ක ප්‍රමානයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබන අතර අත්අඩංගුවටගත් සැකකරුවන් අද (04) දින දෙයියන්දර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.