වැඩ වර්ජන නිසා විදෙස් සංචාරක පැමිණීම අඩු වුවහොත් එය රජයේ සහ පෞද්ගලික අංශයේ යෝජිත පඩි වැඩි වීමට බලපෑමක් එල්ල කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
සංචාරක අංශයේ හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් ලබාදෙන බදු මුදල් වැඩ වර්ජන වලින් විනාශ කරන්න එපා යැයි ඉල්ලා සිටින බවද අබෙිවර්ධන මහතා කීය.
රජයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරමින් සමස්ථ ජනතාවටම සහන දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි ද අබෙිවර්ධන මහතා කීය.
රජයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීමේ දී පෞද්ගලික අංශයේ සේවකයින් උපයන මුදලින් හා සංචාරක ව්‍යාපාරයන්හි යෙදෙන අය ලබාදෙන බදු මුදල් වලින් එම වැටුප් ගෙවීම සිදුවනු ඇතැයි කී අබෙිවර්ධන මහතා රජයේ සේවකයන්ගේ ආයතන වලින් ආදායම් උපැද්දවීමක් නොකළත් පරිපාලනමය අවශ්‍යතා සඳහා රටක රාජ්‍ය සේවය යොදා ගත යුතුව ඇති බව අවධාරණය කළේය.
වැඩ වර්ජන කරන විට සංචාරක පැමිණීම අඩු වී සේවක වැටුප් වැඩි කිරීමට බාධාවක් වන බව කී අබේවර්ධන මහතා මේ මොහොතේ සේවක වැටුප් වැඩි කිරීමේ කාර්යභාරයට වෘත්තීය සමිති සහයෝගය දිය යුතුව තිබෙන බව සඳහන් කළේය.
රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමින් අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.