සියලු විදුලි සේවකයින් හෙට (01) කොළඹට කැඳවා විරෝධතාවක් පවත්වන බව ලංකා විදුලි සේවක සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා සඳහන් කළේ, විදුලිබල මණ්ඩලය විකිණීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම විරෝධතාව පවත්වන බවය.
“ආණ්ඩුව සුදානම් වෙනවා ලංකා විදුලි බලමණ්ඩලය විදෙස් සමාගම් 14කට විකුණන්න. දැනට තොරතුරු ලැබිලා තියෙනවා අද කැබිනට් එකට දාලා අනුමාත කරගන්න යනවා කියලා. විදුලි බලමණ්ඩලය සතුව බෙදාහැරීමේ අන්ත තියෙනවා හතරක්. මේ හතරයි ලෙකෝ සමාගමේ සතු බෙදාහැරීම් පද්ධතියයි ඉන්දියානු ටාටා සමාගමට විකුණාන්න යනවා කියන තොරතුර අපට ලැබි තියෙනවා. සම්ප්‍රේෂණ අංශය අදාළ සමාගමට දෙන්න කටයුතු කරලා තියෙනවා. නොරොච්චෝලේ තාප බලාගාරය චීන සමාගමට විකුණන්න සියලු කටයුතු සුදානම් කරලා තියෙනවා කියලා අපිට තොරතුරක් තියෙනවා. ඉතිරි සමාගම් හය ජල විදුලි බලාගාරයි, තාප බලාගාරයි වෙන් කරලා විකුණා දැමීමට කටයුතු කරමින් තිබෙනවා. බලාගාර වෙන වෙනම දෙන්න යනවා නොවැම්බර් 01 වෙනිදා කියලා කියන්නේ ලංකා විදුලි බලමණ්ඩලය ස්ථාපිත කරලා 54 වැනි සංවාස්සරය. එදිනට අපි සියලු සේවකයින්ට කොළඹට එන්න කියලා තියෙනවා. දිවයින පුරා බලාගාර කාර්යාල සියලුම සේවකයෝ දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දහවල් 12 ආරම්භ කරනවා.”