නීතිවිරෝධී ලෙස කෘමිනාශක තොගයක් මෙරටට රැගෙන ඒමට උත්සහ කළ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.
කල්පිටිය, කරෙයිතිව් හා පල්ලියවත්ත මුහුදු ප්රදේශයන් හි සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මොවුන් සිය භාරයට ගත් බව නාවික හමුදාව පවසයි.
අදාළ මුහුදු ප්රදේශය ඔස්සේ යාත්රාකරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්රාවක් නිරීක්ෂණය කර පරීක්ෂා කිරීමේ දී උර පහළොවක අසුරන ලද මෙම කෘමිනාශක තොගය සොයාගෙන තිබේ.
එමෙන්ම පල්ලියවත්ත මුහුදු ප්රදේශයේ සිදුකළ වැඩිදුර පරීක්ෂා කිරීම්වලදී ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ තවත් කෘමිනාශක තොගයක් සොයාගත් බව නාවික හමුදාව පැවසුවේය.
අත්අඩංගුවයට ගත් සැකකරුවන් වයස අවුරුදු 43ක් සහ 46ක් වන කල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔවුන් ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු කාර්යාලය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.