ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨතම වේග පන්දු යවන්නා ලෙස සැලකෙන දුෂ්මන්ත චමීර, ඇෆ්ගනිස්ථානයට එරෙහිව අද (30) පැවැත්වෙන තරගයට ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා ඊයේ (29) පස්වරුවේ පැවසීය.
ශ්‍රී ලංකා පිල මෙම තරගාවලිය පුරාම වේගපන්දු වෙන්නම් තිදෙනෙක් සමග ක්‍රීඩා කළ බවත් මෙම තරගයේදී ද වේග පන්දුයවන්නන් තිදෙනෙක් යොදාගැනීමේ සැලැස්මේම සිටින බවත් ඒ මහතා කීය.
කණ්ඩායමේ තවත් වෙනස් කරන්නේ නම් හෙට පෙරවරුවේ තණතීරුව පරික්ෂා කිරීමෙන් පසුව තීරණය කරන බව කී නවාස් මහතා අතිරේක ආරම්භක පිතිකරු ටෙස්ට් පිලේ නායක දිමුත් කරුණාරත්න පිළිබඳවද අනිවාර්යෙන් අවධානය යොමු කර ඇති බව ද බවද සඳහන් කළේය.
ශ්‍රී ලංකා පිලේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා පූනේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (29) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේ දී එසේ පැවසීය.