අවුරුදු 13ක් වයසැති පිරිමි ළමයෙකුට බරපතළ ලිංගික අපයෝජයක් සිදුකිරීම සම්බන්දයෙන් සිවුරු දරාගත් දෙදෙනෙකු ඊයේ (27) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව මතුගම පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නවුත්තුඩුව යටදොල ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය කීය.
ලද පැමිණිල්ලක් මත, ළමා හා කාන්තා කාර්යාංශය ස්ථානාධිපති කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂක හේමමාලී මහත්මිය විසින් සැකකාර දෙනම අත්අඩංගුවට ගෙන තිබේ.
අපයෝජනයට ලක්වූ පිරිමි ළමයා රෝහල් ගතකල බවත් , සැකකාර දෙනම මතුගම මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලිසිය කීය .
ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්රසන්න බ්රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී චන්ද්ර පත්මලාල් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්රම උඩවත්ත මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපති කාන්තා ප්රධාන පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මියගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.