මර්ජුවාන නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 10 යි ග්‍රෑම් 417 ක් ලංකාවට ගෙන්වීමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකුට ජාවාරම් සදහා ආධාර අනුබල ලබා දීම, සම්බන්ධයෙන් රේගු පරික්ෂකවරයකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.
සැකකාර රේගු පරික්ෂකවරයා ඉහත ජාවාරම්කරු සමග දුරකතයෙන් සම්න්ධවෙමින් ඔහුට මේ සදහා ආධාර අනුබල ලබා දී ඇති අතර, අවස්ථා කිහිපයකදීම ඔහු ජාවාරම්කරුගේ නිවසට ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙම රේගු පරික්ෂකවරයා ක්‍රියා කලාපය සම්බන්ධයෙන් රේගුවෙන් කළ පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශන පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් රෝගු පරික්ෂකවරයා රුක්මලේ ප්‍රදේශයේ පදිංචි (27) හැවිරිදි පුද්ගලයෙකි.
මොහු ජාවාරම්කරුවන් සමග සම්බන්ධ වෙමින් මර්ජුවානා මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන ඒමට හා ජාවාරම්කිරීමට ආධාර අනුබල ලබා දී ඇති බවට විමර්ශන වලදි හෙළි වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.